Published On: Tue, Jul 26th, 2016

ඔබ නොදන්නා ලංකාවේ Viber Sticker නිර්මාණකරු

Viber-Stickers-Sinhalaඔබ නූතන තාක්ශනයේ මහිමයෙන් බිහිවූ Viber වැනි තාක්ශනික මෙවලම් භාවිතා කරන්නෙකුනම්, සමාජ වෙබඩවි වල සැරිසරන්නෙකුනම් ඩෙයිලන් වෙඩ්ඩ්ඩ් යන නාමය හුරුපුරුදු නමක් වනු ඇත.

ලෝකප්‍රකට Viber සමාගමේ ඩිජිටල් Sticker නිර්මාණකරුවෙකු වන ඔහුගේ නිර්මාණශීලීත්වය මේවනවිටත් සමාජ වෙබ් අඩවිත් වයිබ්ර් එක හරහාත් වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

අතපසු වීමකින් හෝ ඔබ ඔහු ගැන නොදන්නේ නම්, ඔබ ඔබේ පෙම්වතියට, යහළුවන්ට, පවුලේ හිතවතෙකුට හෝ වෙනත් ඕනැම කෙනෙකුට යවන ශ්‍රී ලාංකික Viber Stickerනිර්මාණකරුවා ඩෙයිලන් වයිජයන්ත.
ඩෙයිලන් ශ්‍රී ලාංකේය ජාතික උරුමයක් වන අතීතයේ ශ්‍රී විභූතිය කියාපාන අනුරධපුර නගරයේ පෞඩ ඉතිහාසයෙන් පන්නරය ලැබ හැදී වැඩී පසුව කලාව සම්බන්ධයෙන් ගත් කල්හී එහි මුදුන්මල්කඩක් බඳු වූ ශ්‍රී ලංකා සෞන්දර්ය විශවවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ කලක් එහි කථිකාචාර්යවරයෙකු වශයෙන්ද සේවය කලේය.

විවිධ දුෂ්කරතාවයන්ට මුහුණදෙමින් ස්වොත්සහයෙන් සිය හැකියාවන් ඔපමට්ටම් කරගෙන ශ්‍රී ලංකාවේ පමණක් නොව වෙනත් රටවලදී පවා ඔහුගේ නිර්මාණයන් ඇගයීමට ලක්වී ඇත.

2015 වසරේදී අන්තර්ජාතික මට්ටමෙන් Viber සමාගම විසින් පවත්වන ලද තේරීම් තරඟාවලියකින් පසුව නිර්මාණකරනය සඳහා තොරාගන්නා ලදී.

එය ලොවපුරා විසිරී සිටින දක්ශතම නිර්මාණකරුවන් සහභාගීකරගනිමින් පවත්වන ලදී.
චිත්‍ර ශිල්පියෙකු වශයෙන් ඔහු ගොඩනගාගත් සුවිශේෂී දක්ශතාවයන් මේ සඳහා ඉවහල්වන්නට ඇත.
තවද ඔහු වෙළඳ ප්‍රචාරණ ආයතනයක කලා අධ්‍යක්ශකවර්යෙකු වශයෙන්ද සේවය කරනු ලබයි.
එහිදී ඔහු ශ්‍රී ලංකාවේ පවතින ප්‍රකට වෙළඳනාමයන් ගොඩනැංවීමටද කලාව සම්බන්ධ විශේඥ දැනුම ලබාදෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ කලාවේ විකාශනයන් සම්බන්ධයෙන් දැනුම් සම්භාරයකට හිමිකම් කියන ඔහු පවතින ප්‍රකට වෙළඳනාමයන් ගොඩනැංවීමටද කලාව සම්බන්ධ විශේෂඥ දැනුම ලබාදෙනු ලබයි.
ශ්‍රී ලංකාවේ විකාශනයන් සම්බන්ධයෙන් දැනුම් සම්භාරයකට හිමිකම් කියන ඔහු පවතින කලාවේ පෙරගමන්කරුවෙකු වන අතර අනාගතයේ බිහිවන විප්ලවීය ඩිජිටල් කලාවක ඇරඹුම් පුරුක වනු ඇත.

Viber-Stickers-Sinhala-1

Viber-Stickers-Sinhala-2


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>