Published On: Sat, Aug 13th, 2016

උපන් නැකත අනුව කියවෙන චරිත ලක්ෂණ මෙන්න

Astrology-Gossip-News-Storyඔබ උපන් නැකත ඔබේ චරිතය සහ ශරීරය පිළිබඳ රහස් සඟවා තබා තිබෙන මංජුසාවකි.එය විවෘත කිරීමෙන් කෙනෙකු මවිතකරනව සුළු තොරතුරු අනාවරණය කරගත හැකිය.

සිරුරේ අතිශය රහසිගත ප්‍රදේශයක සැඟවී තිබෙන ඉතා කුඩා උපන් ලපයකින් පවා ඔබගේ ජීවිතය ගැන දැනගන්න පුළුවන්.

අපි මුලින්ම උපන් නැකතට පිහිටන උපන් ලප ගවේෂණය කරමු.

අස්විද

මේ නැකතින් උපන් අයගේ ඉඟටිය සහ ඒ ආසන්න ප්‍රදේශයේ උපන් ලප පිහිටයි.තරමක් තරබාරුය.අත් පා දිගුය.නුවණැති වන අතර ගෞරව සම්මාන ලබන තැනැත්තෙකි.

කලබලකාරී චරිතයක් වන නමුත් දීර්ඝායුෂ හිමිය.අස්විද නැකතේ පළමු වැනි පාදයෙන් උපන්නේ නම් තරමක ලෝබයෙක් සහ ස්ත්‍රී ලෝලියෙක් වේ.සැප සම්පත් හිමිය.දෙවැනි පාදයෙන් උපත ලබා ඇත්නම් ධාර්මිකයෙකි.
වාසනාව සහ ධනය හිමි තැනැත්තෙකි .තෙවැනි පාදයෙන් උපන්නේ නම් ජයග්‍රාහකයෙකි,ප්‍රසිද්ධ චරිතයකි.සිව්වැනි පාදයෙන්උපත ලැබුවේ නම් ආගම දහමට ලැදිය.යහපත් චරිතයකි.

අස්විද නැකතින් උපන් සියලු දෙනාගේම කේන්දරයේ චන්ද්‍රයා පිහිටන්නේ මේෂ රාශියේය.

කැති

මේ නැකතින් උපන් අයගේ බෙල්ලේ කැලලක් පිහිටයි.ජනප්‍රිය චරිතයකි. ධනයද, වස්තුවද, පිරිවර හා සම්පත්තියද හිමිය.නුවණැතිය.ස්ත්‍රී ලෝලියෙකි.ක්‍රීඩාශීලි චරිතයකි.

කැති නැකතේ දෙක,තුන,හතර පාදවලින් උපන් ජන්මීන්ගේ චන්ද්‍රයා පිහිටන්නේ වෘෂභ රාශියේය.පළමු පාදයෙන් උපන්නේ නම් සඳු මේෂ රැසේ වේ.

අස්ලිස

අස්ලිස නැකතෙන් උපත ලබා ඇත්නම් හිස් කබලේ හෝ උදරයේ හෝ කළු පැහැති කැලැල් පිහිටයි.මොවුන්ට අමුතුම ගමන් විලාශයක් උරුම වේ.මුඛරි කටක් හිමිවේ.රජයේ සහ රාජ්‍ය නායක කාරකාදීන්ගෙන් ගෞරව සම්මාන ලබයි.

අස්ලිස නැකතේ පළමුවැනි පාදයෙන් උපන්නේ නම් යුක්තිගරුක , නුවණැති මෙන්ම පසු නොබසින චරිතයකි.

උත්‍රපල්

මේ නැකතෙන් උපන් අයගේ සිරුරේ උපන් ලප බොහෝ සෙයින් පොකුරු ගැසී විසිරී පවතී.වාසනාවන්තයෝය.ඥානය,ගෞරවය සහ ක්‍රියා කෞෂල්‍යයෙන් සපිරි තැනැත්තෙකි.ධාර්මික චරිතයකි.එහෙත් ස්ත්‍රීන් නිසා කරදරයට පත්වේ.

මෙහි පළමුවැනි පාදයෙන් උපන් අය කවි,ගීත රචනයට දක්ෂවෙති.

සිත

මොවුන්ගේ සිරුරේ වම් අර්ධයේ උපන් ලප පිහිටයි.රති ශාස්ත්‍රයේ කෙළ පැමිණියෙකි.ක්‍රීඩාවට සහ ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූ පුද්ගලයෙකි.පළල් පපුවක් සහ දික් වූ අත් පා හිමිවේ.

කැපී පෙනෙන චරිතයකට හිමිකම් කියන අතර ඉක්මනින් තෘප්තියට පත්වන තැනැත්තෙකි.

විසා

ස්ත්‍රී ලෝලියෙකි.මොවුන්ගේ දිව,උදරය සහ රහස් ප්‍රදේශයේ උපන් ලප පිහිටන්නේය. නුවණින් සහ ධනයෙන් පොහොසත්ය.බහුශ්‍රැත දැනුමක් ඇත. ශිෂ්ට සම්පන්න තැනැත්තෙකි.නමුත් දබරයටද පැටලෙයි. ඇස් රතු පැහැති වේ.කරුණාබරය.එමෙන්ම උගතුන් ඇසුරුකරයි.දීර්ඝායුෂ භුක්තිවිඳී.එහෙත් නිතර රෝගවලට ගොදුරු වේ.

විසා නැකතේ පළමු වැනි පාදයෙන් උපන්නේ නම් පළල් පපුවක් සහ රතුවන් දෙනෙතක් හිමිවේ.දෙවැනි පාදයෙන් උපන්නේ නම් යුක්තිගරුකය. භවබෝග සම්පත් හිමිවේ.තෙවැනි පාදයෙන් උපත ලබා ඇත්නම් නිදහස් අදහස් ඇති උගතෙකි.

දෙට

දෙට නැකතින් උපන් අයගේ උදරය ප්‍රදේශයේ උපන් ලප පිහිටයි.ශක්ති සම්පන්න පුද්ගලයෙකි.

සුවණ

මේ නැකතෙන් උපන් අයගේ උදරයේ හෝ රහස් පෙදෙසේ උපන් ලප පිහිටයි. සමාජයේ ප්‍රසිද්ධියට පත්වන චරිතයකි.කතාවෙහි සහ වැඩෙහි දක්ෂයෙකි.

නුවණැතිය. ක්‍රියා කෞෂල්‍යයෙන් පොහොසත්ය. නිදහස් අදහස් අගය කරන අතර ආගම දහමට ලැදි ධර්මිෂ්ඨයෙකි. ස්ත්‍රී ලෝලියෙන් වන නමුත් ශිෂ්ට ගති පැවතුම් හිමිය. වාසනාවන්තයෙකි.

පුවපුටුප

මේ නැකතින් උපන් අයගේ මුහුනේසහ රහස් ප්‍රදේශයේ උපන් ලප පිහිටයි. වියදම අධික තැනැත්තෙකි. නුවණැතිය. ශිෂ්ට සම්පන්නය. වස්තුව හා දරු සම්පත් හිමිය. ස්ත්‍රීන් කෙරෙහි ගෞරවාන්විතය.

උත්‍රපුටුප

උත්‍රපුටුප නැකතෙන් උපන්නේ නම් සිරුරේ දකුණු අර්ධයේ උපන් ලප වේ.මන්දගාමී චරිතයකි.ආකර්ෂණීය කතා ශෛලි‍යක් හිමිවේ.සතුරන් නසන සුළු තැනැත්තියකි.මෙහි තුන්වැනි පාදයෙන් උපන්නේ නම් කාව්‍යකරණයේ දක්ෂයෙකි.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>