Published On: Thu, Aug 25th, 2016

ඉතාලියේ භූමිකම්පාවකින් මරණ 247 ක්‌..

italy-earthquakeමධ්‍යම ඉතාලියේ උම්බිරියෝ නගරය අසල ඊයේ (24 දා) අලුයම 3.36 ට ඇතිවූ බරපතළ භූ චලනයක්‌ නිසා 247 දෙනකු මරුමුවට පත්වී ඇත.

තවත් විශාල පිsරිසක්‌ සුන්බුන්වලට යටවී ඇති බව ලා රිපබ්ලිකා පුවත්පත හෙළි කරයි. රිච්ටර් මාපකයේ 6.2 ක්‌ ලෙසින් සටහන් වූ මෙම භූ චලනය නිසා රෝමයේ ගොඩනැඟිලි රැසක්‌ කම්පනයට ලක්‌වී ඇත. ඉතාලියේ පෙරානියා නගරයට සැතපුම් 47 ක්‌ දුරින් මේ භූ චලනය ඇතිවී තිබේ.

මියගිය සංඛ්‍යාව වැඩිවිය හැකි යෑයි විපතට පත් නගරයක නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ඇම්ට්‍රොපියා නගරාධිපති පැවසුවේ එක්‌ නගරයක අඩක්‌ම සුන්බුන් බවට පත්වී ඇති බවයි.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>