Published On: Fri, Aug 26th, 2016

බැඳුම්කර වංචාව ගැන සාක්‍ෂි දුන් මහ බැංකු නිලධාරීන්ට වෙනම පරීක්‍ෂණයක්.. අගමැතිම නඩු අහයි..

ranil-judgeමහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදු ව ඇති බවට චෝදනා එල්ල වන අක‍්‍රමිකතා ගැන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට මහ බැංකු ඉහළම නිලධාරීන් දැක්වූ අදහස් පරස්පර විරෝධී වීම ගැන පරීක්ෂණයක් කරන්නැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දන්වා ඇත.

එක සිද්ධියක් ගැන එකම ආයතනයක ඉහළ නිලධාරීන් විසින් පරස්පර විරෝධී අදහස් දැක්වූයේ අගමැතිවරයා දුන් උපදෙස් මත සිදු කරන පරීක්ෂණයේදී දීර්ඝ ලෙස කරුණු විමසීමට නියමිතය.

එම පරීක්ෂණයේ වාර්තාව ලද පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බැංකුවේ ඉහළම නිලධාරීන්ගේ කටයුතු ගැන ඍජුවම මැදිහත් වී කරුණු විමසීමට නියමිත බවද පැවසේ.


Comments පලකිරීමට පහළට යන්න
Loading...
Displaying 1 Comments
Have Your Say

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>