Published On: Fri, Aug 26th, 2016

දයා ගමගේට අයත් හෙලිකොප්ටරය හදිසියේ එළවළු කොටුවකට ගොඩබායි.. සජිත්, නවීන්, ඉන්දික ඇමති තිදෙනා නූලෙන් බේරෙති..

daya-helicopterඅඩු ආදායම් ලාභීන්ට නිවාස ණය ලබාදීමේ උත්සවයකට ඊයේ (25 වැනිදා) පෙරවරුවේ පුද්ගලික සැහැල්ලු හෙලිකොප්ටරයකින් නුවරඑළියට ගිය සජිත් ප්‍රේමදාස මහතා, ඇතුළු ඇමැතිවරුන් ගමන්ගත් යානය අධිබලැති විදුලි රැහැනක ගැටී සිදුවීමට ගිය අනතුරක්‌ ගුවන් නියමුවා විසින් අනූනවයෙන් බේරාගෙන තිබේ.

මෙම සැහැල්ලු හෙලිකොප්ටරය පසුව ඒ අසල තිබූ එළවළු කොටුවකට නිරුපද්‍රිතව ගොඩබෑමට ගුවන් නියමුවා විසින් පියවර ගෙන ඇත.

මෙම අවස්‌ථාවේ දී සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක හා ඉන්දික බණ්‌ඩාරනායක යන අමාත්‍යවරුන් හෙළිකොප්ටරයේ ගමන් ගෙන ඇත.

අධික මීදුම් තත්ත්වය නිසා ගුවන් නියමුවාට නිසි පරිදි ධාවන පථය දර්ශනය නොවීමෙන් යානය අධිබලැති විදුලි රැහැනේ ගෑවී නොගෑවී ධාවනය වී ඇතැයි වාර්තා වේ.

හෙලිකොප්ටරයෙන් බැස්‌ස වූ අමාත්‍යවරුන් පසුව වෙනත් මෝටර් රථයකින් උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ නුවරඑළිය නව නගර ශාලාව වෙත රැගෙන ගොස්‌ තිබේ.

ගුවන් නියමුවාගේ දක්‍ෂතාව නිසා සිදුවීමට ගිය අනතුර වැළැකුණු බව අමාත්‍යවරු පසුව පැවසූහ.

pa555


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>