Published On: Thu, Aug 4th, 2016

ස්වාමියාගේ ‘අවසන් කැමැත්ත‘ ඉටු කරන්න රෝහලට ආ බල්ලා

dog-came-to-hospital-to-fullfill-owners-lastwillසිය අවසන් හුස්ම හෙලීමට පෙර ‘අවසන් කැමැත්ත‘ ලෙස තමාගේ සුරතල් බල්ලාව දැකගැනීමට රෝහල වෙත කැඳවාගත් කාන්තාවක් පිළිබඳ ඉතා සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍යන්ට අනුව 49 හැවිරිදි මෙම කාන්තාව රෝහල් ගත කර ඇත්තේ කලක පටන් පීඩා විඳි පිළිකා තත්වයක් උත්සන්න වීම නිසායි.

ඇය සිය අවසන් කැමැත්ත ලෙස ඉල්ලා ඇත්තේ ඇයගේ සුරතල් බල්ලා ඇයට දැකීමට සලස්වන ලෙසයි.
ඉන් අනතුරුව ඇයගේ පවුලේ උදවිය බල්ලාව රෝහල වෙත ගෙනිවත් තිඛෙන්නේ රෝහල් බළදාරීන්ගේ උපකාර සහ අවසර ඇතිවයි.

තම ස්වාමියා දුටු බල්ලා ඇයගේ ඇග උඩට පනිමින් ඇයව වැලදගන්නා අතර මේ මොහොත බලා සිටි බොහෝ දෙනා සිත් වලට බොහෝ සංවේදී අවස්ථාවක් වුණා.

මෙය සිදුවී ටික කලක් ගතවී ඇතත් සමාජ මාධ්‍යවල මෙම වීඩියෝව නැවතත් ජනප්‍රිය වීම නිසා නැවතත් මෙම පුවත කරළියට පැමිණ තිඛෙනවා.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>