Published On: Fri, Aug 26th, 2016

කෝටිපතියා ඝාතනයට සැක පහකගේ විදෙස්‌ ගමන් තහනම්..

bsinessmenබම්බලපිටිය, කොතලාවල මාවතේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සකීබ් සුලේමාන් නමැති අය පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන වැල්ලවත්ත හා දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් පස්‌ දෙනකුගේ විදෙස්‌ ගමන් තහනම් කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන කොළඹ අපරාධ කොට්‌ඨාසය විසින් කරනු ලැබූ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිsලිමත් වෙමින් එසේ නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා හා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‌ෂවරයා වෙත දන්වා යවන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.

ව්‍යාපාරිකයාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් කරුණු දැක්‌වූ කොළඹ අපරාධ කොට්‌ඨාසය කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ නියෝග මත තම කොට්‌ඨාසය මගින් මෙහි පරීක්‌ෂණ පවත්වන බවත් අපරාධය වූ ස්‌ථානයේ තිබී සොයා ගත් ලේ සාම්පල කීපයක්‌ මියගිය අයගේ දැයි දැන ගැනීමට ඔහුගේ පියාගේ හා මවගේ ලේ සාම්පල සමඟ සැසඳීම සඳහා ජින්ටෙක්‌ ආයතනය වෙත යෑවීමට කටයුතු කළ බවත් පැවසුවේය.

පසුගිය 21 දා අතුරුදන් වූ මොහොමඩ් සකීබ් මහතා මාවනැල්ල ප්‍රදේශයේදී ඝාතනය කර තිබියදී සිරුර සොයාගත් බවද ඝාතනය සිදුවීමත් සමඟ වැල්ලවත්ත හා දෙමටගොඩ ප්‍රදේශවල පුද්ගලයන් පස්‌දෙනකු විදෙස්‌ගත වීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද දැන්වූ අපරාධ කොට්‌ඨාසය ඔවුන්ගේ විදෙස්‌ ගමන් තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයා හා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‌ෂවරයා වෙත දන්වා යවන ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ලබන 15 වැනිදා ගොනුකරන ලෙසට නියෝග කළේය.

-දිවයින


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>