Published On: Fri, Aug 12th, 2016

තවත් නවතම ඉන්දීය මෝටර් රථයක් ලංකාවට

Nissan-To-Launch-Datsun-Redi-Go-In-India‘ඩට්සුන් රෙඩි ගෝ’ (Datsun Redi-Go) මෝටර් රථය ශ්‍රී ලංකාවේ වෙළදපොළට ඉදිරිපත් කිරීමට ඉන්දීය සමාගම සූදානම් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ නිසාන් සමාගම විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති ශාඛාව විසින් නිශ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය මේ වනවිට රටවල් 100කට ආසන්න ප්‍රමාණයක වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඩට්සුන් සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් නැවත වරක් ආරම්භ කර ඇත්තේ වසර 59කට පසුව බව එම මාධ්‍ය සඳහන් කරයි.

සැප්තැම්බරයේ පටන් මෙම මෝටර් රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීමට ආරම්භ කිරීමට නියමිත අතර එහි මිල ඉන්දීය රුපියල් 260,783 – 364,208 පරාසයක පවතී.

‘ඩට්සුන් රෙඩි ගෝ’ වර්ගයේ මෝටර් රථ කාණ්ඩ පහක් යටතේ ඉදිරිපත් කොට තිබේ.


Comments පලකිරීමට පහළට යන්න
Loading...

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>