Loading...
Dec
29
අඩි 60ක ප්‍රපාතයකට පෙරළුණ රියේ සිටි ජින්ජර්ගේ දැන් තත්වය මෙන්න – ඡායාරූප

අඩි 60ක ප්‍රපාතයකට පෙරළුණ රියේ සිටි ජින්ජර්ගේ දැන් තත්වය මෙන්න – ඡායාරූප

1267 Views

ඊයේ උදෑසනම අපට අසන්නට ලැබුනේ රිය අනතුරක සිදුවිමකුයි. එහිදී දැනගන්නට ලැබුනේ ජනප්‍රිය ගායිකා ජින්ජර් ගමන් ගත් වාහනය මෙසේ අනතුරට ලක් වී ඇති බවයි.

පෙරේදා රාත්‍රී 12ට පමණ දෙණියාය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකට ගීත ගැයීමට යමින් සිටියදී ජනප්‍රිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වී තිබෙනවා. දෙණියාය දියදාව දිගබෝක්කුව අසලදී අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙනුයි මෙම අනතුර සිදුව ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ. මේවන විට ජින්ජර් මාතර මහරෝහලේ ප්‍රතිකාර ලබන බවයි පැවසෙන්නේ. අනතුරින් පසුව ජින්ජර් සහ අනෙක් 04 දෙනා දෙණියාය මුළික රෝහලට ඇතුලත් කර ඇති අතර ජින්ජර්ගේ තත්වය බරපතල නිසා මාතර මහරෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

ඊයේ සන්ධ්‍ය කාලයේදී අප කල විමසීම් වලිදී අනාවරණ වුයේ දැනට ඇයගේ අවදානම් තත්වය පහව ගොස් ඇති බවත් ඇයගේ වම් පාදයට බලපතල ලෙස ආපදාවට ලක් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කලේ. අපි ඇයට ඉක්මන් සුවය පතමු.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page