Loading...
Dec
29
ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ බිරිඳ කෝවිලකට පැන යකා නටයි.. කෝලම් රටා පාගා දමා බැතිමතුන්ට තග දමයි – වීඩියෝ

ආණ්ඩුකාර බෝගොල්ලාගමගේ බිරිඳ කෝවිලකට පැන යකා නටයි.. කෝලම් රටා පාගා දමා බැතිමතුන්ට තග දමයි – වීඩියෝ

309 Views

සාම්පුර් සූඩෙයිකුඩාහි පිහිටා ඇති තිරුක්කුමරන් කෝවිලේ පුජාවකට සහභාගී වීමට පැමිණ සිටි පිරිසකට නැගෙනහිර ආණ්ඩුකාරවර රෝහිත බෝගොල්ලාගමගේ බිරිද විිසින් තර්ජනය කරන වීඩියෝවන් සමාජ ජාලාවන්හි පලව ඇත.

ආණ්ඩුකාරයාගේ බිරිද වන දීප්ති බෝගොල්ලාගම ගිය සතියේ දිනක මෙම කෝවිලට පැමිණ පොලිසිය ඉදිරිපටදීම පිරිසට පැණ වැදී ඇති බවද සදහන්ය.

පුජා භාණ්ඩ වලටද පහර දෙමින් ‘මේක බෞද්ධ විහාරයක්.. තමුසෙලා ඔක්කොටම වැඩේ දෙනවා’ යනුවෙන්ද බැණ වැදී ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

බැතිමතුව් විසින් පොළොවේ ඇඳ තිබූ ‘කෝලම්’ නම් සහල් පිටියෙන් අඳින ලද දෙමළ සාම්ප්‍රදායානුකූල සැරසිල්ලක් ආණ්ඩුකාර බිරිද විසින් පාවහන් සහිතව පෑගීම නිසා ත්තවය උණුසුම් වී ඇත.

පොලිසිය විසින් තත්ත්වය පාලනය කර ඇතත් පසුව කෝවිල පිහිටා ඇත්තේ පුරාවිද්‍යා නටඹුන් සහිත ප්‍රදේශයකදැයි සොයා ඉදිරි කටයුතු කරන බවට ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම දන්වා ඇති බවද සදහක්ය.

වීඩියෝව පහතින් බලන්න.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page