Loading...
Dec
30
ඩුබායි වල සිටින මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්‌කා, ලඩියා සහ ඉම්රාන් ඉතාලියට පනින්න සැරසෙති

ඩුබායි වල සිටින මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්‌කා, ලඩියා සහ ඉම්රාන් ඉතාලියට පනින්න සැරසෙති

332 Views

ඩුබායිවලට පැන ගොස්‌ සිටින මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්‌කා, ලඩියා සහ ඉම්රාන් නමැති පාතාල ප්‍රබලයන් සිවු දෙනා ඩුබායි සිට ඉතාලියට පලා යැමට සූදානමින් සිටින බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට මොවුන් ඉතාලි වීසා පවා ලබාගෙන අවසන් බවද සඳහන් වේ.

මාකඳුරේ මධුෂ් හා කොස්‌ගොඩ සුජී නමැති පාතාල ප්‍රබලයන්ට පසුගියදා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වීමත් සමඟ මොවුන් මෙසේ ඉතාලියට පලා ගොස්‌ තමන්ගේ ජාවාරම් කේන්ද්‍රය බවට එරට පත් කර ගැනීමට සැරසෙන බව ඩුබායිහි සිටින ශ්‍රී ලාංකිකයෙක්‌ පැවසීය.

ඉතාලියට පලා යැමෙන් පසු එරට මාමියා කල්ලියකට සම්බන්ධ වී ක්‍රියාත්මක වීමට මොවුන් අරමුණු කරගෙන සිටින බවද හෙතෙම කීවේය.

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදු කරන මහා පරිමාණ හෙරොයින් ජාවාරම සහ පිළියන්දලදී පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට වෙඩි තබා එක්‌ නිලධාරියෙක්‌ ඝාතනය කර පොලිස්‌ පරීක්‌ෂක නියොමාල් රංගජීව මහතාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ මහ මොළකරුවන් ලෙසද මොවුන් හඳුනාගෙන ඇත.

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page