Loading...
Dec
31
දුප්පතුන්ට බදු බර පටවා ධනවතුන්ව පිනවන්න බදු අඩු කළ මංගලගේ හෙළු අයවැයෙන් පසු පිට පිට ගෙන්වූ 3වැනි ෆෙරාරී රථය මෙන්න – ඡායාරූප

දුප්පතුන්ට බදු බර පටවා ධනවතුන්ව පිනවන්න බදු අඩු කළ මංගලගේ හෙළු අයවැයෙන් පසු පිට පිට ගෙන්වූ 3වැනි ෆෙරාරී රථය මෙන්න – ඡායාරූප

293 Views

පසුගියදා ශ්‍රී ලංකාවට ගුවනින් ගෙනා ෆෙරාරි මෝටර් රියක් පිළිබඳ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ලොව ප්‍රමුඛතම සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකාවට මෙතෙක් නුහුරු වී තිබු අතර , එයට හේතුවී තිබුනේ සුපිරි මෝටර් රථ වලට පැනවුනු තීරූ බදුයි.

කෙසේ වෙතත් දින කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාවට ගෙන්වූ තෙවන සුපිරි ෆෙරාරී මෝටර් රථය පසුගිය 29 වෙනිදා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. පෞද්ගලික මෝටර් රථ ආනයන සමාගමක් මගින් ගෙන්වා තිබෙන මෙම සුපිරි මෝටර් රථය ෆෙරාරී 488 වර්ගයට අයත් වෙනවා.

ෆෙරාරි වර්ගයේ මෝටර් රථ ලොව භාවිත කරන්නේ ධනවතුන් අතුරිනුත් ධනවතුන් පමණි. කිම් කාර්ඩෂියන් පැරිස් හිල්ටන්, ජස්ටින් බීබර්, ඩේවිඩ් බෙකම්, ආර්නෝල්ඩ් ස්වාසනෙගර්, නිකලස් කේජ් වැනි කෝටිපති තරු ෆෙරාරි භාවිත කරන අය අතර වෙති.
සදහන් වන ආකාරයට ශ්‍රී ලංකාවෙ පැරිස් ෆෙරාරි රථ 3ක් භාවිත වේ. ඉන් එකකක් හිමිකරු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වූ අරවින්ද ද සිල්වායි. සෙසු රථ නයිජල් ඔස්ටින් සහ සිදත් ප්‍රනාන්දු යන ව්‍යාපාරිකයන්ට අයත් බව කියැවේ.

පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෝටර් රිය මීගමුව ප්‍රදේශයේ හෝටල් දාමයක හිමිකරු විසින් තම පුත්‍රයා වෙනුවෙන් ගෙන්වන ලද එකක් බව සඳහන් වන අතර මෙම ෆෙරාරී 488 මෝටර් රථය ගෙන්වා තිබෙන්නේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයකු විසින් බව රාවයක් පැතිර යමින් තිබෙනවා.

මෙම ෆෙරාරී 488 වර්ගයේ මෝටර් රථයක බදු රහිතව වටිනවා ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 469කට අධික වනවා, ශ්‍රී ලංකාවට මෑතකදී ගෙන්වූ ෆෙරාරී මෝටර් රථ ද්විත්වය ඇවෙන්රා මෝටර්ස් සහ ප්‍රයිම් මෝටර්ස් ආයතන දෙක මගින් ගෙන්වා තිබූ අතර මෙම රථය බාවේරියන් මෝටර්ස් ආයතනය මගින් ගෙන්වා තිබුණා.

එන්ජින් ධාරිතාව මත වාහන සඳහා බදු අය කිරීමට රජය විසින් ගන්නා ලද තීරණය මත අධි මිලැති වාහන සඳහා අය කෙරෙන බදු මුදල් අඩුවීම මත ඉදිරියේදී මෙවැනි වාහන වැඩි වශයෙන් මෙරටට පැමිණිය හැකි අතර මේ වන විට තවත් ෆෙරාරි රථ 3ක් ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට කටයුතු යොදා ඇති බව මේ පිළිබදව වාර්තා කරන මුද්‍රිත මාධ්‍ය සදහන් කරනවා.

එම සුපිරි මෝටර් රථයේ ඡායාරූප පහතින්,
26196237_562248224121373_1999859954431430793_n 26046990_562248414121354_564674015005376599_n 26047004_562248070788055_617623849674812193_n 26046959_562247660788096_4630281892433411396_n

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page