Loading...
Dec
29
බිරිඳ දිනපතා අනියම් සැමියාට යවන කෑම පාර්සලය වැරදීමකින් විවාහක සැමියාට දීලා.. තහනම් පෙම සැමියාගේ අතටම හසුවී අලි ජංජාලයක්

බිරිඳ දිනපතා අනියම් සැමියාට යවන කෑම පාර්සලය වැරදීමකින් විවාහක සැමියාට දීලා.. තහනම් පෙම සැමියාගේ අතටම හසුවී අලි ජංජාලයක්

593 Views

අනියම් සැමියාට යැවූ කෑම පාර්සලය විවාහක සැමියා අතට ‍පත්වුණු අපූරු පුවතක් තිරප්පනේ ප‍්‍රදේශයෙන් වාර්තා වේ. දරු දෙදෙනකු සිටින සැමියාත් බිරියත් රජයේ සේවකයෝය. බිරිය සකසා දෙන කෑම පැකට්ටුව ද රැගෙන සැමියා යතුරුපැදියෙන් කාර්යාලයට යන අතර බිරිය බස් රථයේ නැගී ඇගේ රාජකාරි ස්ථානයට යෑම සාමාන්‍ය සිරිතය.

ඇගේ අනියම් සැමියාට දෙන කෑම පාර්සලය බසයේ කොන්දොස්තර කොලූ‍වාට බාරදීමට ඇය පුරුදුව සිටියා ය.

“මේ මොන කරදරයක් ද හොර මිනිහට මම හැමදාම කෑම අදින්නේ.. ඒ ගෑණි අපිට කිසි සපෝට් එකක් නෑ” යැයි බස් රථයේ රියැදුරුට පැවසූ කොන්දොස්තර කොලූ‍වා ඇගේ විවාහක සැමියාගේ කාර්යාලයට ගොස් කෑම පැකට්ටුව ඔහු අතට දී “නෝනගේ හොර මහත්තයාගේ නම මේකයි.. මේ කෑම පාර්සලේ එයාගේ කන්තෝරුවට ගිහින් දෙන්න.. අද මට යන්න වෙලාවක් නැහැ” යැයි කියා පිටව ගොස් ඇත.

මින් අන්දමන්ද වී බලවත් ලැජ්ජාවට පත් සැමියා කෝපයෙන් දැවෙමින් බත් පාර්සලය ලිහා බලද්දී තමාට නැති අල බැඳුමක් මස් කෑලි දෙකක් එහි තිබෙනු දැක කෑම පාර්සලය නිවසට රැගෙන ගොස් ඇගේ මුහුණට දමා ගසා ඇත.

රහස එළිවීමෙන් කැර කියා ගත හැකි කිසිවක් නොවූ බිරිය මේ දිනවල මිතුරියකගේ නිවසේ සැඟවී සිටින බව පැවසේ.

-තෙන්නකෝන් කුලසේකර

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page