Loading...
Dec
30
මං ලියුමක් ලිවුවාම පුටීන් තේ තහනම අයින් කලා.. මං කෝල් එකක් දුන්නාම පකිස්තාන අගමැති පොහොර නැවක් එවුවා – ජනපති මෛත්‍රී

මං ලියුමක් ලිවුවාම පුටීන් තේ තහනම අයින් කලා.. මං කෝල් එකක් දුන්නාම පකිස්තාන අගමැති පොහොර නැවක් එවුවා – ජනපති මෛත්‍රී

206 Views

රුසියාව විසින් ශ‍්‍රි ලංකාවේ තේ තහනම් කල අවස්ථාවේදී තේ තහනම ඉවත් කරන්නැයි තමන් රුසියානු ජනාධිපතිවරයාට යවන ලද ලිපිය හේතුවෙන් එම තහනම ඉවත් කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ ඊයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින්ගේ සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එමෙන්ම මේ දිනවල ශ‍්‍රි ලංකාවේ ගොවීන්ට ඇති වී තිබෙන පොහොර ප‍්‍රශ්නයට උදවු කරන ලෙස තමන් පාකිස්තාන අගමැතිගෙන් කරන ලද ඉල්ලීම අනුව පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට එවීමට ඔහු පොරොන්දු වී බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page