Loading...
Dec
30
‘මට මැඩම් කියාපියවු’.. මන්ත්‍රී බිරිඳ ඡන්ද දායකයන්ට ප්‍රසිද්ධියේ බැණ වදී

‘මට මැඩම් කියාපියවු’.. මන්ත්‍රී බිරිඳ ඡන්ද දායකයන්ට ප්‍රසිද්ධියේ බැණ වදී

211 Views

තමනට ‘මැඩම්’ කියා ඇමතුවේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ බිරිදක් සිය මන්ත‍්‍රි සැමියාගේ ඡන්ද දායිකාවකට බලවත් කෝපයෙන් බැණ වැදී තිබේ.

අදාල මන්ත‍්‍රිවරයා මුල් වරට පාර්ලිමේන්තුවට පිවිස ඇත්තේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වන අතර ඔහු වයඹ පලාතේ සාමාන්‍ය පවුලක කෙනෙකි.

ප‍්‍රදේශයේ හිතවතුන් මෙන්ම ඡන්ද දායකයන්ද එකල ඔවුනට අමතා ඇත්තේ ‘අයියේ, අක්කේ’ ලෙසයි.

ගිය සතියේ දිනෙක මන්ත‍්‍රි නිවසර පැමිණ ඇති ඡන්ද දායිකාවක් පෙර පුරුද්දට ‘අක්කේ’ යයි මන්ත‍්‍රී බිරිදට ඇමතීම නිසා ඇය මෙසේ දැඩි කෝපයට පත්ව ඇත.

‘මං කවද ඉදන්ද අක්ක වුනේ. අක්ක බක්ක අවශ්‍ය නෑ. මැඩම් කියල කතා කරනව’ යයි පිරිස ඉදිරියේ මන්ත‍්‍රී බිරිද බැණ වැදී තිබේ.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page