Loading...
Dec
29
ලක්ෂ 50කට විකුණන්න හැදූ ඇත්දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට.. මෙම විශාල දළ යුගල ලබා ගැනීමට ඝාතනය කර ඇත්තේ කුමන ඇතා ද?

ලක්ෂ 50කට විකුණන්න හැදූ ඇත්දළ යුගලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට.. මෙම විශාල දළ යුගල ලබා ගැනීමට ඝාතනය කර ඇත්තේ කුමන ඇතා ද?

166 Views

අනුරාධපුරය – තන්තිරිමලේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී ඇත් දළ යුගලක් සමග පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිට අද අලූයම දක්වා සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදියි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රුපියල් ලක්ෂ 50 කට ඇත් දළ යුගලයක් අලෙවි කිරීමට සුදානම් කර ඇති බවට අනුරාධපුර කොට්ඨාශය භාර පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබුනා.

ඒ අනුව සිදුකළ විමර්ශණයේදී මන්නාරම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්ණ කිරීම්වලදී ලැබුනු තොරතුරුවලට අනුවයි අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළි කරගත් කරුණු අනුව තන්තිරිමලේ ප්‍රදේශයේ වලදමා තිබු ඇත් දළ යුගලය ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එක් ඇත් දළයක් අඩි 4 යි අගල් 4 ක් දිගින් යුක්ත වන අතර අනෙක් ඇත් දළය අඩි 4 යි අගල් 3 ක පමණ දිගින් යුක්ත වනවා.

එමෙන්ම ඒවා අඩි 1 යි අගල් දෙකක වට ප්‍රමාණයකින් ද යුක්ත බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඔවුන් හෙට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරුවන්ට මෙම ඇත් දළ යුගලය ලැබුණේ කෙසේ ද යන්න පිලිබඳව ප්‍රශ්ණ කෙරෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page