Loading...
Dec
29
ලොකයේම ත්‍රස්තවාදීන් බයකරමින් ලොවම කළඹමින් පුටින් ගත් දැඩි තීරණය මෙන්න

ලොකයේම ත්‍රස්තවාදීන් බයකරමින් ලොවම කළඹමින් පුටින් ගත් දැඩි තීරණය මෙන්න

634 Views

ආරක්ෂක හමුදාවන්ට ප්‍රතිරෝධයක් දක්වන සන්නද්ධ ත්‍රස්තවාදීන් දුටු තැන වෙඩි තබා ඝාතනය කිරීමට අණ දුන් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ සාන්ත පීටර්ස්බර්ග් නගරයේ සුපිරි වෙළඳ සංකීර්ණයක බදාදා සිදුවූ බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

රුසියානු ජනාධිපතිවරයා උපන් නගරය වන ශාන්ත පීටර්ස් බර්ග් රුසියාවේ දෙවන විශාලතම නගරයයි.

එහි සඟවා තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් ගර්භනී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලැබුවා.

රුසියානු ජනාධිපතිවරයා එය හැඳින්වූයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසයි.

සිරියානු යුද්ධයේදී අයි.එස්. ඉලක්කවලට එරෙහිව ගුවන් ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් රුසියානු ජනාධිපතිවරයා අයි.එස්. සංවිධානයේ ඉලක්කයක් වී තිබෙනවා.

ශාන්ත පීටර්ස් බර්ග් නගරයේ දේවාස්ථානයකට මේ මස මුලදී එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් රුසියානු ආරක්ෂක හමුදා ව්‍යර්ථ කළේ ඇමරිකානු සී.අයි.ඒ සංවිධානයෙන් ලද තොරතුරක් අනුවයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති පුටින්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්තුතිය පළ කළා.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page