Loading...
Dec
30
2017 දෙසැම්බර් මස 30 වන සෙනසුරාදා – අද දවස ඔබට කොහොමද? මෙන්න බලන්න ලග්න පලාඵල

2017 දෙසැම්බර් මස 30 වන සෙනසුරාදා – අද දවස ඔබට කොහොමද? මෙන්න බලන්න ලග්න පලාඵල

254 Views


තරගකාරී කටයුතු සහ කායික ශක්තීන් මුල් කරගෙන කරනුලබන කටයුතු වලින් ජයග්‍රහණ ලබාගත හැක. විවාහ කටයුතු ප්‍රමාද වුන අයට ඒවා සාර්ථක කර ගන්නට සුබ දවසක්. ස්නායු ආශ්‍රිත රෝග පීඩා බහුල කරන දවසක්. ඔබේ සුබ කටයුටු උදෑසන 6.22 ට අරඹන්න ඔබට දවස සුබ වේවි.


අත්හදාබැලීම් අනුමානෙට අඩමානෙට කරන කටයුතු නම් එතරම් හිතකර නැහැ. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන දේවල් අහිමි වීමටත් ඉඩ තිබෙනවා. ඔබට තිබෙන බාධක මගහරවා ගන්නට මෝර පිරිත ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න ඔබේ කටයුතු සාර්ථක වේවි.


උසස් අයගේ ඇසුර වගේම ආධාර උපකාර ලැබෙන දවසක්. වෘත්තීය කටයුතු වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කර ගන්නට හැකි වේවි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්. ඔබ අද දවසේ කරන කටයුතු ඉතා කල්පනාකාරීව කරන්න අද දවස ඔබට සුබ වේවි.


අද ඔබය සෞඛ්‍ය තත්වයන්ගෙන් තමයි බාධක ඇති වෙන්නේ. යොදා ගත් කටයුතු වල යම් යම් වෙනස්කම් කරන්නට සිදුවේවි. ලේ විෂවීම් විෂබීජ ශරීර ගත වීම් වැනි දේ ඇති වෙන්න පුළුවන්. ඔබට හැකි නම් චන්ද්‍ර පිරිත ජය පිරිත වරක් හෝ ශ්‍රවනය කරන්න සජ්ජායනා කරන්න ඔබේ දවස සුබ වේවි.


අද දැනුම හැකියාව දක්ෂතාවය මතින් ඔබට ජයග්‍රහණ රැසක් අත්‍ කරගන්නට හැකියාව ලැබේවි. ඔබ කලා හෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් නම් වෙනදාට වඩා අන් අයගේ අගය කිරීම් වලට ලක් වෙන දවසක් වේවි. සෙම් රෝග බහුල කරන දවසක්. ඔබට හැකි නම් සූර්ය පිරිත වරක් හෝ සජ්ජායන කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ තිබෙන අවහිරතා මගහරවා ගන්නට ඔබට හැකි වේවි.


ඔබට අද දවසේ රැකියා සම්බ්බන්ධව තිබුන ගැටලුකාරී තත්වයන් මගහරවා ගන්නට පුළුවන්. ස්වාධීනව කටයුතු කරන අයට සහ ස්වයන් රැකියා කරන්න බලාපොරොත්තු වෙන අය‍ට සුබයි. ඒ වගේම ආර්ථික වාසි වැඩි වැඩියෙන් ලැබෙන දවසක්. චර්ම රෝග ආදියෙන් පීඩා විඳින්න ඉඩ තිබෙනවා. ඔබේ සුබ කටයුතු උදැසන 10.11 ට අරඹන්න ඔබට සුබ දවසක් වේවි.


උදෑසන සිටම කුසීත ගති ලක්ෂණ තමයි පෙන්නුම් කරන්නේ. කරන්නට තිබෙන කටයුතු කල් දැමීම නිසා එම කතයුතු පටලවා ගන්නා බවක් තමයි පෙන්නුම් කරන්නේ. ප්‍රේම සම්බන්ධතා වලට තිබුන බාධක මගහැරී වැඩිහිටියන්ගේ අශිර්වාද ලබන්නටත් හැකි වේවි. ඔබේ සුබ කටයුතු උදාසන් 6.34 ට අරඹන්න ඔබේ කටයුතු සුබ වේවි.


ඔබ සැම විටම නිවැරදී කියා සිත කටයුතු කිරීම නිසා හිතවතුන් ඈත් වෙන්නටත් ඉඩ තිබෙනවා. ආහාර දිරවීමේ අපහසුතා සහ නිසි වෙලාවට ආහාර නොගැනීම නිසා රෝගාබාධ සැදෙන්න පුළුවන්. අනතුරු විපත් ඇති වෙන්න පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 6.22 ට අරඹන්න ඔබේ දවස සුබ වේවි.


අද දවසේ පමණට වඩා විශ්වාසය සහ අනුකම්පාව නිසා අහිතකරතා ඇති වෙන්න පුළුවන්. තමන්ගේ ආත්ම විශ්වාසය පෙරදැරි කරගෙන කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම ණය ගනුදෙනු සම්බන්ධ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වෙන්න. ගමනේදී බිමනේදී වගේම වාහන පදවීමේදීත් ඔබ ඉතා ප්‍රවේසම් වෙන්න. ඔබට හැකි නම් ඔබ අදහන කුමන හෝ ශාස්ත්රු වරයෙකුට කහ මල් හතක් පුජා කරන්නට ඔබේ දවස සාර්ථක කර ගන්නට හැකි වේවි.


අද දවසේ බොහෝ විට ඔබගේ කටයුතු වලට පීඩා කරදර ඇති වෙන්න පුළුවන්. උසස් අයගේ උදව් උපකාර වගේම එවන් අයගේ ඇසුර නිසා ඔබගේ අනාගත කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි. ආහාර විෂවීම් වගේම ලේ ආශ්‍රිත රෝගී තත්වය ඇති වෙන්න පුළුවන්. උදෑසනම නුග වෘක්ෂයකට ජලය ස්වල්පයක් දමා දවස අරඹන්න ඔබට දවස සුබ වේවි.


අද ඔබගේ ආවේගශීලී ගති ලක්ෂණ බහුල කරන දවසක්. මේ නිසා ඉතා ඉවසීමෙන් කටයුතු කරන තරමට තමයි ඔබට දවසේ කටයුතු සාර්ථක කර ගන්නට ලැබෙන්නේ. ඒ වගේම රැකි රක්ෂා ආශ්‍රිත ගැටළු වගේම සතුරු කරදර පීඩා උත්සන්න වීමේ හැකියාවක් ද පවතිනවා. ඔබේ සුබ කටයුතු උදෑසන 10.58 ට අරඹන්න ඔබට සුබ දවසක් වේවි.


ගේ දොර ඉඩකඩම් යාන වාහන ආශ්‍රිතව තිබුන ගැටළු නිරාකරණය කර ගන්නට හැකි වේවි. අනාගත ආයෝජන සඳහා කරනු ලබන කටයුතු වලට සුබයි. පවුලේ සමගියට සහජීවනයට සුබයි. ඒ වගේම අන් සතු වටිනා දෙයක හිමිකාරීත්වයක් ලැබෙන්නට පුළුවන්. ඔබේ සුබ කටයුතු උදෑසන 6.22 ට අරඹන්න ඔබේ දවස සුබ වේවි.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page