Loading...
Jan
2
කැකිරාවේ දෙදරු මවගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියේ සුළමුල හෙළිවෙයි

කැකිරාවේ දෙදරු මවගේ ගෙල කපා අමානුෂික ලෙස ඝාතනය කළ සිද්ධියේ සුළමුල හෙළිවෙයි

301 Views

කැකිරාව ප්‍රදේශයම කම්පාවට පත් කරමින් පසුගිය (29 වැනිදා) නිවසේ සිටි කාන්තාවකගේ ගෙල කපා අමානුෂික ලෙස සිදු කළ මනුෂ්‍ය ඝාතනය සිදු කළ ඝාතකයා ගෙල කැපීම සදහා යොදා ගත් පිහියත් සමග අත්අඩංගුවට ගැනීමට කැකිරාව පොලිස් නිලධාරීන් සමත්වී තිබෙනවා.

ඝාතනය සිදුවී පැය 48ක් වැනි කාලයක් තුළදී පොලිසිය ඝාතකයා කොටු කර ගැනීම කාගේ පැසසුමට ලක්වී තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂීත බංධනාගාර ගතකිරීමට නියෝග කර තිබුනේ ඊයේ 01 කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම් කොස්වත්ත මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

කැකිරාව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි සෙයියදු මොහොමදු බුහාරිගේ මර්ලියා නමැති 57 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ඉකුත් 29 වනදා උදෑසන ඇය පදිංචිව සිටි නිවසේ කාමරයක් තුළදි ගෙල කපා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වී තිබුණි.

පෙරේදා 31 සවස කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ ඝාතන සැකකරු ඔලොම්බෑව ප්‍රදේශයේම පදිංචි 47 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.
‍ෙ
පෞද්ගලික ආරවුලක් මත ඔහු විසින් එම සාහසික මනුෂ්‍ය ඝාතනය සිදුකර ඇති බව පොලිසියට පාපොච්ඡාරනය කර තිබෙනවා.

පාපැදියකින් පැමිණ ඇති ඝාතකයා අදාල කාන්තාව ඝාතනය කිරීමට යොදා ගත් බව කියන ලේ තැවැරුණ පිහියක් ද සැකකරු සිය නිවසේ කුස්සියේ වලංමැස්සක සඟවා තිබියදී තිබීයදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

අදාළ ඝාතනයෙන් පැය කිහිපයකට පසු තත්ත්වය සොයා බැලීමට තමන් යළි එම ස්ථානයට ගිය බවත් පසුව තමන් අතින් ඝාතනය වූ කාන්තාවගේ මෘත දේහය භූමිදානය කරන ස්ථානයට ද යළි වතාවක් ගිය බව ද සැකකරු කර ඇති පාපොච්චාරණයේ දී පවසා ඇතැයි පොලිසිය පවසනවා.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page