Loading...
Jan
1
කොණ්‌ඩෙ කපන්න ගාස්‌තුව වැඩියි කීවාම බාබර් කතුරෙන් ඇනලා තරුණයා රෝහලේ

කොණ්‌ඩෙ කපන්න ගාස්‌තුව වැඩියි කීවාම බාබර් කතුරෙන් ඇනලා තරුණයා රෝහලේ

150 Views

පුත්තලම බස්‌ නැවතුම්පළේ බාබර් සාප්පුවකදී කරණවෑමියකුගේ කතුරු ප්‍රහාරයකට ලක්‌වූ 25 හැවිරිදි තරුණයකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයි පෙලිසිය පවසයි.

පෙරේදා (30 වැනිදා) සිදුවූ මෙම සිදුවීමෙන් රෝහල් ගතකර ඇත්තේ පුත්තලම – මන්නාරම මාර්ගයේ රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි අයෙකි.

කොණ්‌ඩය සහ රැවුල කපා ගැනීම සඳහා අයකරන රුපියල් 250 ක ගාස්‌තුව වැඩි බවට තරුණයා පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින්බස්‌වීමක්‌ ඇතිවී තිබේ. එහිදී කෝපයට පත් කරණවෑමියා බාබර් සාප්පුවේ කොණ්‌ඩා කැපීමට භාවිත කළ කතුරකින් තරුණයාගේ පිට ප්‍රදේශයට ඇන ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

රෝහල්ගත කර සිටින තරුණයාගේ පිට ප්‍රදේශයට මැහුම් දමා ඇති අතර සිද්ධියෙන් පසු කරණවෑමියා පලාගොස්‌ ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ. මේ පිළිබඳව පුත්තලම මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත උප පොලිස්‌ පරීක්‍ෂක අරුණ ශාන්ත පොලිස්‌ සැරයන් ගුණතිලක (56146) පොලිස්‌ කොස්‌තාපල් තිලකසිරි ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page