Loading...
Jan
10
නිවැරදිම BRA එක තෝර ගමුද?

නිවැරදිම BRA එක තෝර ගමුද?

432 Views

බොහෝ කාන්තාවන් තම උඩ ඇදුම්වලට දක්වන සැලකිල්ල යට ඇදුම්වලට දක්වන්නේ නැහැ. සමහරක් වෙලාවට ඔබේ යට ඇදුම් පරණ වෙලා ඔබට අදින්න බැරි තරම්ම හිරවී හෝ ලොකුවී තිබෙන්න පුළුවන්. නමුත් එය කාටවත් නොපෙනෙන නිසා ඔබ එය නොසලකා හැර ඉන්න පුළුවන්. ගොඩක්දෙනා හිතන්නෙ  උඩ  ඇඳුම් නිසි මිම්මට තෝරා ගැනීම පිළිබඳව පමණයි. නමුත් යට ඇඳුම් නිසි පරිදි නොතිබුණොත් ඇඳුමේ පෙනුම අවලස්සන වෙනවා පමණක් නොවෙයි ස්‍යෙඛ්‍යයට තර්ජනයක් වෙන්නත් පුළුවන් බව ඔබ දන්නෙ නෑ නේද?

බොහෝ කාන්තාවන් සාප්පුවකට ගිහිල්ල පිරිසක් ඉන්න තැන bra තෝරන්න අකමැතියි. එහෙම නැතිනම් ලැජ්ජයි. මේ නිසා මුදල් ගෙවල තමන්ගෙ ඇඟට ගැලපෙන්නෙ නැති bra එකක් අරගෙන ඇවිත් පසුව පසුතැවෙනවා. මොකද කියනව නම් bra එකක් මිලදී ගත්පසු නැවත මාරු කරන්නත් බැහැ. ඒනිසා මේ  කියන්න හදන්නේ ඔබට ගැළපෙන bra එකක් තෝර ගන්නා විදිහ ගැනයි.

ඇඟට හරියටම ගැලපෙන bra එකක් නම් අතට අත්වැසුම් යුවළක් පැළඳුවා වගේ හරි ගානටම තියෙන්න ඕන. එහි යට ඇති band එක ඇතුලෙන් ඇඟිලි දෙකක් පහසුවෙන් ගෙන යා හැකි නම්, දවස පුරා straps හදන්න වුණේ නැතිනම් සහ bra එක එහෙ මෙහෙ වුණේ නැතිනම් ඔබ තෝරාගෙන අත්තේ නිවැරදි bra එකක්. ඔබට පසුපස ඇති හක්වලින් ඇඟට ගැලපෙන්න්නට adjust කරන්න පුළුවන් වුණත් size එකක් අඩු වුණොත් නම් අලුත් bra එකක් ගන්න වෙනවා.

බොහෝ දෙනා සිතන්නෙ bra cup එක ඇතුලෙ ඉඩ තියෙන්න ඕන කියල. මේක වැරදි මතයක්. හරියටම ගැලපිලා නම් bra cup එක තුළ ඉඩක් ඉතුරුවෙන්න බැහැ. ඒ වගේම පියයුරු උඩට ඇවිල්ල තියෙන්නත් බැහැ.

ඔබ අත් ඉහළට ඔසවා කරකවන විට band එක එහා මෙහා නොවෙනවා නම් එය ගැලපෙන bra එකක්. එහෙ මෙහෙ වෙනවනම් straps වලින් සහ හක්වලින් හදල බලන්න. මතක තබා ගන්න, පියයුරු සහ උරහිසෙහි straps අතර තිබිය යුත්තේ වියතක දුරක් පමණයි.

Bra එකක් ඇන්ද පසු පිටේ මස්පිඬු නෙරා එනවා නම් එයත් වැරදි bra එකක්. හරි bra එකක් නම් පිට මැදට වන්නට ගානට තිබිය යුතුයි.

ඔබේ ශරීරයේ සැකිල්ල ප්‍රමාණයෙන් කුඩා නම් Demi bra එකක් try කරල බලන්න. ඒවායෙහි යට ඇති වයරය කුඩා නිසා අත් යටට වේදනාවක් දැනෙන්නේ නැහැ. ශරීරයේ සැකිල්ල ප්‍රමාණයෙන් පළල් නම් හක් තුනක් ඇති bra එකක් තෝරා ගැනීම තුළින් වැඩි පහසුවක් ළඟා කර ගත හැකයි.

ප්‍රමිතියෙන් යුතු bra එකක් ඇන්ද විට එහි යට ඇති වයරය (underwire) පියයුරු යටට (breastbone) නිසි ලෙස තද වී නැති නම් වහාම ඔබේ bra එක මාරු කරන්න.

එකිනෙකාගේ පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය වෙනස්. ඒ වගේම එකම කෙනාගෙත් පියයුරුවල ප්‍රමාණය, හැඩය සහ ශරීරයේ ප්‍රමාණය කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා කාලයෙන් කාලයට ගැලපෙන නිසි මිම්මෙන් යුත් bra එකක් තෝරා ගන්න. නැතිනම් කොන්දෙ  අමාරු, breast tissue පිටුපසට ඇදීම වගේ ස්‍යෙඛ්‍යමය ගැටළු ඇති විය හැකියි. ඒ නිසා ඔබට ගැළපෙන bra එකක් තෝරා ගැනීමේදී වඩාත් කල්පනාකාරී  වන්න

Comments

comments

මෙන්න බලන්න තවත් ගොසිප්
gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page