Loading...
Jan
2
පුත්තලමේ අනියම් බිරිඳගේ හිස බූ ගා කකුලක් කපා පලාගිය අනියම් සැමියාට වැඩ වැරදුන හැටි

පුත්තලමේ අනියම් බිරිඳගේ හිස බූ ගා කකුලක් කපා පලාගිය අනියම් සැමියාට වැඩ වැරදුන හැටි

271 Views

පුත්තලම, සිලම්බිඅඩිය ප්‍රදේශයේ නිවසක පදිංචි විවාහක කාන්තාවකගේ පාදයකට පිහියෙන් ඇන තුවාල සිදුකර ඇයගේ කෙස්‌වැටිය සම්පූර්ණයෙන්ම කපා දමා පලාගිය අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්‌ථාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ ඊයේ (01 වැනිදා) පැවැසීය.

පෙරේදා (31 වැනිදා) මෙම සිද්ධියට මුහුණපෑ 26 හැවිරිදි කාන්තාව පුත්තලම රෝහලට ඇතුළත් කර ඇතැයිද හෙතෙම කීය.

මෙම කාන්තාවගේ සැමියා ඇයව අත්හැර දමාගොස්‌ ඇති අතර, පසුව ඇය මෙම සිද්ධියට සම්බන්ධ 32 හැවිරිදි සැකකරු සමඟ අනියම් සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.

දෙදෙනා අතර නිතර රණ්‌ඩු සරුවල් ඇතිවී ඇතැයි හෙළිවිණැයිද පොලිසිය කියයි.

රෝහල්ගතකර ඇති කාන්තාවගේ හිස බූ ගෑ මට්‌ටමට සැකකරු කොණ්‌ඩය කපා ඇතැයිද පොලිසිය කීය.

නිවසේ තැන තැන වැටී තිබූ කාන්තාවගේ කෙස්‌ වැටි පරීක්‍ෂණ සඳහා රැගෙන ආ බවද පොලිසිය පවසයි.

සැකකරු පුත්තලම අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 03 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මේ පිළිබඳව පුත්තලම මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත උපපොලිස්‌ පරීක්‍ෂක අරුණශාන්ත, පොලිස්‌ සැරයන් ගුණතිලක (56146), පොලිස්‌ කොස්‌තාපල් තිලකසිරි (389) යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page