Loading...
Jan
1
“මුගටියෙක් කාලා මියගිය සුදු ලේනා ආයෙමත් උප්පත්තියක් ලැබුවද මන්දා” – අරණායක නිවසකට ආපු සුදු ලේනාගේ අමුතු කතාව

“මුගටියෙක් කාලා මියගිය සුදු ලේනා ආයෙමත් උප්පත්තියක් ලැබුවද මන්දා” – අරණායක නිවසකට ආපු සුදු ලේනාගේ අමුතු කතාව

271 Views

අරණායක සැලව පිල්ලෑව පැත්තේ නිවසක සුරතලයට ඇති කරන සුදු පැහැති ලේනෙක් ගැන අපිට වාර්තා වුණා. මේ සුදු ලේනව සුරතලට ඇතිකරන සැලව පිල්ලෑවේ පදිංචි පී.ඒ. නවරත්න මැණිකේ කියන්නේ මෙන්න මේ වගේ කතාවක්.

මේ ලේන් පැටියාට අපි නම තියලා තියෙන්නේ සුදු කියලා. මේ සතා දැන් මාසයකට විතර කළින් තමයි ගෙදර බිම වැටිලා හිටියේ. අපේ ගෙදර බල්ලෝ පූසෝ ඇති කරන්නෙත් නැති නිසා ලේනුන්ට කෑම දාන නිසාත් ගෙදර වහලේ සහ නිවස ඇැතුලේ මේස ලාච්චුවක ලේන කූඩු බැඳලා තියෙනවා.

මම හිතන්නේ ඒ කූඩුවක පැටියෙක් බිම වැටිලා ඉන්න ඇති කියලා. ඊට පස්සේ මේ පැටියා දවස් ගාණක් යනකම් බැලුවා එයාගේ අම්මා එයිද කියලා.
ආවේ නැති නිසා දැන් අපේ ගෙදර මේ පැටියා ඇති දැඩිවෙනවා. තාම කෑම වර්ග මොනවත් කන්නේ නැහැ. කිරි තමයි බොන්නේ.

මේ වගේ සුදු ලේනෙක් කලින් දැකපු තවත් කෙනෙක් කිව්වේ මේ වගේ කතාවක්.

මම මේ පැත්තේ සමහර ගස්වල පොල් ගෙඩි කඩනවා. දවසක් පොල් ගහෙන් බැහැලා ඉන්නකොට සුදු ලේනෙක් ඉන්නවා මම දැක්කා.
ඊට පස්සේ ඒ ගැන මම නවරත්න මැණිකෙටත් පෙන්නුවා. ඒ හිටපු ලේනා සෑහෙන කාලයක් ආයේ දකින්න ලැබුණේ නැහැ. ඒ ලේනා පසුගිය කාලෙක මුගටියෙක් කාලද කොහෙද මියගියා. එහෙම කාලයක් ගෙවී ගියාට පස්සේ මේ සුදු ලේනා හම්බවුණා. මම හිතන්නේ මියගිය ලේනා නැවත උප්පත්තියක්වත් ලැබුවද දන්නේ නෑ.

කොහොම වුණත් මේ සුදු ලේනව බලන්න දවසකට හුඟ දෙනෙක් අරණායක සැලව පිල්ලෑවට එනවා කියලා තමයි නිවැසියන් අපිත් සමඟ කිව්වේ.

ඡායාරූප පහතින්.
a d c

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page