Loading...
Jan
4
බැඳුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ට්‍රිලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි

බැඳුම්කර මගඩියට කිසිම දේශපාලඥයෙකු වැරදි නෑ.. රවිට නඩු දාන්නේ පුද්ගලික ගණුදෙනුවකට.. ට්‍රිලියනයේ අලාභයෙන් අය කරන්නේ සීයෙන් එකයි.. එදා බෙල්ලන්විල නාහිමි කී අනාවැකිය ටක්කෙටම හරියයි

442 Views

‘කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබදවත්, කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිසන් සභා මා විසින් පත් නොකළ බව විශේෂයෙන් සදහන් කළ යුතුයි’ යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ සවස සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විනාඩි 23ක කාලයක් ජාතිය මතමින් කියා සිටියේය.

ඒ මෙරට ඉතිහාසයේ සිදු වූ විශාලතම රාජ්‍ය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත්කල ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධවයි.

මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පසුගිය වසරේ දි නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න මහා නායක හිමියන් පැවසුවේ ‘මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය’ යනුවෙනි.

එමෙන්ම ඊට තවත් වැදගත් හේතුවක් වූයේ මෙම බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව කරුණු සහිතව ඔප්පු කොට තිබූ මෙන්ම රජයේ විගණකාධිපති විසින් පැහැදිලි සාක්ෂි ඇතිව ඉදිරිපත් කොට ඇති වාර්තා තිබියදි මෙවෙනි කොමිසමක් හරහා තවදුරටත් මෙම මහා වංචාව සම්බන්ධව තොරතුරු සෙවිම නිකරුනේ ජනතාවගේ මුදල් තවත් නාස්ති කිරීමක් මෙන්ම කාලය කා දැමීමක් ලෙස ජනතාව නිගමනය කරන නිසා යයිද එහිමියෝ කීහ.

මෙරටේ සිටින බුද්ධිමත් මෙන්ම මහා උගතෙකු වන අතිපූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල නාහිමි ප්‍රසිද්ධියේ රටේ ජනාධිපතිවරයාට අනුශාසනා කල භාණ්ඩාගාර බැදුම්කර අලෙවියේදි සිදුවු දූෂණයන් සෙවිමට තවත් කොමිෂන් පත් කිරිමෙන් අවශ්‍ය කාරනාව ඉෂ්ට නොවන බවද කීහ.

ඊයේ ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සමඟ එය තවදුරටත් තහවුරු වනුයේ මෙතරම් විශාල වංචාවක් නිසා සමස්ථ ආර්ථිකයට සිදු වු පාඩුව රුපියල් ට්‍රිලියනයක් (බිලියන දාහක්) යයි ආණ්ඩුවේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන විසින් මීට පෙර ප්‍රකාශ කොට තිබූ නිසාය.

එමෙන්ම මෙම මහා මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කිසිම දේශපාලන නායකයකු සම්බන්ධතාවයක් නොමැතිව සිදු වූ බවත් කොමිසමේ වාර්තාව හරහා පෙන්නුම් කර ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක බැදුම්කර සිද්ධියෙන් බැහැර වෙනත් කරුණක් සම්බන්ධයෙන් එනම් රුපියල් මිලියන 15 ගනුදෙනුවක් (නිවසක් කුලියට ලබාගැනීමට) පර්පෙචුවල් ට්‍රෙරසරීස් සමාගමෙන් ලබා ගත් බවක් කොමිසම වාර්තා කොට තිබුනි.

මෙම මහා මූල්‍ය වංචාව නිසා රටේ සමස්ථ ආර්ථිකයට සිදු වු විනාශයෙන් 1/100 එනම් රුපියල් බිලියන 11 කට සමස්ථ අලාභය සීමා කොට තිබීම එම මුදල් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් අදාළ සමාගම හම්බ කොට ඇද්ද යන්න අධිකරණය ඉදිරියේදී පවරන නඩුවක් මාර්ගයේන් කරුණු ඔප්පු එය අය කර ගැනිම හෝ එසේ ඔප්පු කිරීමට අපොහොසත් වුවහොත් ඒ වෙනුවෙන් අවසානයේ එම සමාගමේ කීර්ති නාමයට මෙන්ම සිදු වූ අලාභයට රජයට එම සමාගමට වන්දි ගෙවීමක් සිදු විමට ද ඉඩ ඇති බව මෙයින් ඉතා පැහැදිලිය.

මෙවෙනි නඩුවක් අධිකරණය තුල විභාග කොට තීරණයක් දීමට දීර්ඝ කාලයක් එනම් වසර 10 කට පමණ ගත වන බවත් දීර්ඝ නඩු විභාගයකින් පසු මේ සම්බන්ධයෙන් ජනතාව තුල තිබූ උද්යෝගය පහව යන බවක් සාමාන්‍ය කරුණකි.

– Facebook

Comments

comments

gossipsinhalanews official fb fan page
gossipsinhalanews official fb fan page